ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මල සිරුරක් සොයාගෙන තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ තානායම අසළ තිබී එය සොයාගත් බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ මවුන්ට්වනර් වතුයායේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්.
ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔහු ඉහළ කොත්මලේ ජලාශයට වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ජලාශය අසල තිබී ඔහුගේ බවට සැක කෙරෙන ධීවර උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.