Wednesday, January 15, 2025

General line - 0115112241

බැරලයට සමාන කරමින් කාන්තාවට අවතක්සේරු කරනවා




කාන්තාවන් බැරල් වලට සමාන කරමින් ඔවුන්ට අගෞරව කර  අද ප්‍රචාරණ  කටයුතු සිද්ධ වන බවකොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක පවසනවා.

කාන්තාවන්ට ප්‍රචාරණ කටයුතු  තුල අපහාස  සහ අගෞරව කිරීම පිලිබඳව අදහස් දක්වමින් කොළඹ  කිරුලපන අද (20) පැවති ජන හමුවකදී ඇය මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කාන්තා පුරපති අපේක්ෂිකාවක් ඉදිරිපත්වන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත්, අනෙකුත් කිසිඳු බංකොලොත් දේශපාලන පක්ෂයකට එවැනි තීන්දු තීරණ ගැනීමෙ ශක්තියක්  නැති බවත් ප්‍රකාශ කළා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී  25% අනිවාර්ය කාන්තා නියෝජනය ලබා දීමට හැකිවුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කැපවීම මත බවත් අපේ රටේ අදායමෙන්  වැඩිම විදේශ විනිමය ප්‍රතිශතයක්  ගෙනෙන තේ කර්මාන්තය ,ඇගළුම් කර්මාන්තය ,විදේශ රැකියා වල නිරත  කාන්තාවන්ගේ දහදියෙන්  උපායන ඩොලරයන් බිහිවෙන  බව මතක තබා ගතයුතු අතර  කාන්තාවන්ට නිසි ගරුත්වය සහ සමාන අවස්ථාවක් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ අභිලාශය බවත් කොළඹ මහා නගර සභාව එහි ආදර්ශය බවත් ඇය ප්‍රකාශ  කර සිටියා.