ජනාධිපතිවරයෙකු හැසිරිය යුතු ආකාරයෙන් හැසිරෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (20) උපදෙසක් ලබා දුන්නා.
ඒ හඟුරන්කෙත ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (20) පැවැත්වූ මැතිවරණ ප්රචාරක රැළියකට එක්වෙමින්.
ජනාධිපතිවරයා ක්‍රෝධයෙන් හැසිරෙන බවයි ඔහු කියා සිටියේ.
තමන්ව රජවරයෙකු යැයි පවසා මුලා බස් දෙඩුවද තමා ඉන් මුලා නොවු බව පවසන හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාට මෙහිදී උපදෙසක් ලබාදුන්නා.
ජනාධිපතිවරයෙකු හැසිරෙන ආකාරයට හැසිරෙන ලෙසයි ඔහු මෙහිදී කියා සිටියේ.