Wednesday, January 15, 2025

General line - 0115112241

ඉන්දියාවට මැදිහත් නොවි ඉන්න බෑ.. සිවාජිලිංගම් කුපිත වී කිියයි

දිනසේන රතුගමගේ - වවුනියාව




උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීමේ අවශ්‍යතාවයට ඉන්දීය රජයට මැදිහත් වීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට කිසිඳු අයිතියක් නැතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී.එම්.කේ.ශිවාජිලිංගම් පවසනවා.

යාපනයේ මාධ්‍ය සමාජයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ පැවසූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාකියා සිටියේ ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමේදී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙකම එක් පළාතක් ලෙස ඉන්දියාව සලකා එම ගිවිසුම අත්සන් කළ බවයි.

මේ ගිවිසුමට අනුව එදා ආයුධ සන්නද්ධව සටන් කළ පිරිස ආයුධ බිම තබා ප්‍රජාතාන්ත්‍රීය ප්‍රවාහයකට එක් වූ බවද ඔහු පෙන්වා දුන්නා.

2006 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් මෙම පළාත් දෙකක් බවට පත් වූ බව පවසන ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා නඩු තීන්දුවට කළින් තිබූ තත්ත්වයට එම පළාත් දෙක යළි ගෙන ඒම ඉන්දියාවේ වගකීමක් බවද කියා සිටියා.

මේ නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඉන්දීය මහකොමසාරිස්වරයා උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් නොවන බව පැවසීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවද කියා සිටියා.

මුස්ලිම් නායකයෝ නගෙනහිර පළාත තනිවම ඉල්ලා සිටීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, උතුරු නැගෙනහිර පළාත් දෙකම එකට එකතු කරන මෙන් ඉල්ලා සිටින්නේ මුස්ලිම් ජනතාව ඇතුළුව දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙණුවෙන් බවද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

උතූරු නැගෙනහිර පළාත් තුළ ක්‍රියාත්මක භාෂාව දෙමළ භාෂාව විය යුතු බවත්,බුද්ධාගමට පමණක් ප්‍රමුඛතාවය ලබා දීම වෙණුවට සෙසු ආගම් වලටත් නිසි තැනක් උතුරු නැගෙනහිර පළාත තුල ඇතිවිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.