Wednesday, January 15, 2025

General line - 0115112241

මහරගම පොහොට්ටුවේ අපේක්ෂකයින් දෙදෙනෙක් ජනපති හා එක්වෙයි




මෙවර පළාත්පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා.

ඔවුන් අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය පළ කිරීම සහා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද මෙම  අවස්ථාවට එක් වුණා.