මෙරට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම ජනතාව ණය බරින් පීඩාවට පත්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැලිගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් මේ බව කියා සිටියා.
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පමණක් රටක් සංවර්ධන නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.