එක්සත් ජාතික පක්ෂය සමග එළැඹි ගිවිසුමක් අනුව ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ ජනාධිපතිවරයා විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින්.
බේරුවල සහ අලුත්ගම ගැටුමට සම්බන්ධ පුද්ගලයින් මේ වන විට අනාවරණය වෙමින් ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
"මගේ හැටි තමයි කැබිනට් එකේ වේවා වෙනත් පුද්ගලිකව කරපු දේවල් ගැන මම ප්‍රසිද්ධියේ කියන්නේ නෑ..හැබැයි 'මෛත්‍රිපාල සිරිසේන මහත්තයෝ..මම කිව්වයි කියලා හිතා ගන්න..' එතකොට එයා දන්නවා මොනවා ගැනද මම කියන්න යන්නේ කියලා. බේරුවල අලුත්ම සිද්ධිය ඇති කරපු කට්ටිය අද එළි වෙමින් තියෙන්නේ. ඒ කරපු කුමන්ත්‍රණය යට ගහන්න බැරිවෙයි. මේ ළඟදී ගිංතොට සිද්ධියක් වුණා. මම ගෙවල් ටික ඔක්කොම හදලා දුන්නා. එක පත්තරයක නෑ..රූපවාහිනියක නෑ.. ඒක එහෙම්මම සද්ද නෑ.."
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ (20) පස්වරුවේ මහනුවර පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.