Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති ආ ජනහමුව අසළ ආධාරකරුවෙක් මරුට

සමන් විජය බණ්ඩාර




පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (20) සංවිධානය කර තිබූ ජන හමුවක් අතරතුරදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.

එහිදී එම රැස්වීමට සහභාගී වූ ශ්‍රීලනිප ආධාරකරුවෙකු මහ පාරේදි එම රැස්වීමට පැමිණි පෞද්ගලික බස් රථයකට යට වීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ රඹුක්කන ශ්‍රීලනිප අපේක්ෂක ජේ.එම්.ආර්. සම්පත්ගේ ආධාරකරුවෙකි. වයස අවුරුදු 27ක් පමණ වූ ඔහු රඹුක්කන තල්දෑව ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

රැස්වීමට පැමිණෙමින් සිටි බොහෝ පිරිසක් ගීත ගායනා කරමින් විනෝද වෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඒ අසළ තිබූ අධික ශබ්දය නිසා දැඩි කලබලකාරී තත්ත්වයක් පැවැති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.