Saturday, May 4, 2024

General line - 0115112241

විදුහල්පතිනිය දණ ගැස්සූ සිද්ධියේ මහඇමති ඉල්ලා අස්වීමට සූදානම් (VIDEO)

පාලිත ආරියවංශ




ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

තමන්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් තමා එම ධූරයෙන් ඉවත්ව කටයුතු කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධ නිල ලිපිය ජනාධිපතිවරයා සහ ආණ්ඩුකාරවරයා වෙත කඩිනමින් යොමු කිරීමට තීරණය කර ඇති බවද සඳහන් කරනවා.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.