Saturday, May 4, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සභාපති අවසන් තීරණය ගන්න නිලධාරීන් රැස් කරයි




දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරු කොළඹ මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (21) කැඳවා තිබෙනවා.

එ් එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි.

මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව අවසන් තීරණයකට අද එළැඹීමට නියමිතව තිබෙනවා.

මේ අතර පොලිස් නිලධාරීන්, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාවල නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සඳහා පමණක් හෙට (22) දිනයේ තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බවද සඳහන් කෙරුණා.

අදාළ දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන පෙබරවාරි මස 01 වැනිදා හෝ දෙවැනිදා දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.