එක්දින් කණ්ඩායමේ නිත්‍ය නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී මේ දිනවල පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වී තිබෙනවා.
මැතිව්ස් දකුණු පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටීම ඊට හේතුවයි.
මැතිව්ස්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කළ එංගලන්ත වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නායකයාට අවම වශයෙන් සති තුනකවත් විවේකයක ගත යුතු බවයි.
මැතිව්ස්ට බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියත් අහිමි වන බැවින් මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිනෙනු ඇති.
කලවේ මස්පිඬුවේ ආබාධයට ලක්වීම හේතුවෙන් දෙවැනි සහ තුන්වැනි තරග සඳහා මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
මැතිව්ස් බංග්ලාදේශයේ රඳවාගත්තේ කිසියම් අවස්ථාවක හෝ ඔහුට නැවතත් කණ්ඩායමට එක්විය හැකිය යන බලාපොරොත්තුවෙන්.
එහෙත් වෛද්‍ය වාර්තා අනුව ඔහුට විවේකය අවශ්‍ය බැවින් යලි ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බවයි අද තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් චන්දිමාල් කියා සිටියේ.