දේශපාලනඥයන්ට විවිධ තනතුරු ලබා දීමට පෙර ඔවුන්ගේ IQ මැන බැලිය යුතු බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කොළඹ අද (22) පැවත්වූ මාධ්‍ය හමුවේදීයි.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ IQ මැන බැලීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව නෙත් එෆ් එම් පොලිටිකල් ෂූ වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.
මෙම වැඩසටහනට අද සහභාගී වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට තරග වැද සිටින අසාද් සාලියි.