දූෂණයට සහ වංචාවට සැබෑ ලෙස විරුද්ධවන්නේ නම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක තවදුරටත් නියෝජ්‍ය නායකයා ලෙස තබා ගන්නේ මන්දැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ප‍්‍රශ්ණ කරනවා.
කොළඹ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් කියා සිටියේ එවැනි අය නායකත්වයට සුදුසු නොවන බවයි.
මේ අතර ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී ශී‍්‍ර ලංකා මහබැංකුවේ රුපියල් බිලියන හාරදහසක බැඳුම්කර වංචාවක් සිදුව ඇතැයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තා උපුටා දක්වමින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා කරන ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.