පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුමක් පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (22) අනාවරණයක් කළා.
ජනාධිපතිවරයා පැවසුවේ රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගෙන් ඔහුට මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බවයි.
එමෙන්ම එම විශ්වාසභංග යෝජනවට හිටපු ජනාධිපතිවරයා ඡන්දය ලබාදුන් බවද ජනාධිපතිවරයා කියා සිටියා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ මහනුවර අද (22) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.