ධාවනය වෙමින් තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.
කොළඔ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ වැසිකිලිය තුළ මියගොස් සිටියදී මෙම මළසිරුර හමුවුණා.
මෘතදේහය දුම්රිය ආරක්ෂක අංශය විසින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අද (23) පෙරවරුවේ පොලිසියට බාරදුන්නා.
වයස අවුරුදු 55 ක් පමණ වන මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති බවත් මෘතදේහය පරීක්ෂණ සඳහා බණ්ඩාරවෙල දිසාරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් බණ්ඩාරවෙල පොලිසිය පැවසුවා.