Wednesday, January 15, 2025

General line - 0115112241

විදුහල්පතිනිය දණ ගැස්සවීම ගැන අධ්‍යාපන ඇමති හොයන්නේ මෙහෙමයි




බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණගැස්ස වූ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සහ අදාළ විදුහල්පතිවරිය ක්‍රියා කළ ආකාරයත්, මහ ඇමතිවරයා අධ්‍යාපන බලධාරීන්ට යම් බලපෑමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී තිබෙනවා.

විදුහල්පතිවරිය මුල් අවස්ථාවේදී අදාළ සිදුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙය යම් දේශපාලනික සිදුවීමක් සේ පෙනී ගියද, මේ වනවිට ඉදිරිපත් වී ඇති කරුණු මත වහා මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාව මතු වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම සිදුවීමේ දී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බවට පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් අදාළ සිදුවීමේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව ද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.