Wednesday, January 15, 2025

General line - 0115112241

සුරංගනීට මාලු ගෙනාව ගායකයා නික්ම යයි

දිනසේන රතුගමගේ/රංජිත් රාජපක්ෂ




සුරංගනීට මාලු ගෙනාවා ගීතයෙන් ජනපි‍්‍රයත්වයට පත්වූ ගායකයා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ. ඊ. මනෝහරන් මහතා අභාවප‍්‍රාප්ත වී ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවරදීයි.

බගවන්තලාව සිරිපුර ප‍්‍රදේශයේ උපන් ඔහු 1975 වසරේදි මෙරට ගායන ක්ෂේත‍්‍රයට පිවිසියා.

එවකට ප‍්‍රසංග වේදිකාවේදී ඒ. ඊ. මනෝහරන් මහතා හැඳින්වූයේ කන්ද උඩරට බයිලා රජු යන අන්වර්ථ නාමයෙන්.

සිංහල, දෙමළ සහ හින්දි යන භාෂාවලින් ඔහු ගීත රැසක් ගායනා කර තිබෙනවා. දකුණු ඉන්දියාවේ ජනප‍්‍රිය නළුවන් වන සිවාජී ගනේෂන්, රජිණි කාන්ත් සහ කමලා හසන් ඇතුළු නළු නිළියන් රැසක් සමග ද ඔහු චිත‍්‍රපට ගණනාවකම රංගනයෙන්ද දායක වුණා.

73 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක්ද වූ ඒ.ඊ. මනෝහරන් මහතාගේ දේහය පිිළිබඳ අවසන් කටයුතු ඉන්දියාවේදී හෙට (24) සිදු කෙරෙනවා.