Monday, May 6, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සිංහල සිසුන් පිරිසක් බන්ධනාගාර ගත කෙරේ

දිනසේන රතුගමගේ




යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් සිව් දෙනෙකු ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට යාපනය දිසා විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

ඒ යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් තිදෙනෙකුට පහර දී ඔවුන්ට තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට අදාළවයි.

සිසුන් සිව් දෙනා හට ඇප ලබා දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එහෙත් පහර කැමට ලක්වූ සිසුන්ගෙන් දෙදෙනෙකු තවමත් රෝහල්ගතව සිටින බැවින් සිසුන් හට ඇප ලබා දීම විනිසුරුවරයා විසින් ප‍්‍රතික්ෂ්ප කරනු ලැබ තිබෙනවා.