Monday, May 6, 2024

General line - 0115112241

ඌවේ මහ ඇමතිට ඇප (UPDATE)




බදුල්ල දෙමළ බාලිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියට අදාළව අද (23) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ භාර වුණා.

අනුව මහ ඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

-------------------------

විදුහල්පතිනිය දණ ගැස්සූ සිද්ධියට මහ ඇමති භාර වෙයි (23-01-2018 11:46)

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අද (23) පොලිසියට භාර වී තිබෙනවා.

අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයේ බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ මෙලෙස භාර වුණා.

ඒ අනුව මහඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.