Monday, May 6, 2024

General line - 0115112241

ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල නිසා ගෝඨාගේ පෙත්සමට වෙච්ච දේ

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (23) කැඳවනු ලැබුවා.

ඒ අනුව මෙම පෙත්සම විවාදයට ගැනීම මැයි මස 31 වැනිදා දක්වා කල් තැබීමටයි තීරණය කළේ.

අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් සිටි බැවින් අදාළ පෙත්සම විභාග කිරීම වෙනත් දිනයකට කල් තැබුණා. 

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ  වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය, පොලිස්පතිවරයා, මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු 44 දෙනෙක්. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය 2015 වසරේ මැයි මස 13 වන දිනයි.

එම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලමින් සහ දැනට පරීක්ෂණ සිදු කෙරෙන සිද්ධින් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට අතුරු තහනමක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරුණා.