Monday, May 6, 2024

General line - 0115112241

කතරගම පොලිස් වෙඩි තැබීම නිසා "පොලිසියට වෙන්නයන දේ" ඇමති කියයි




අණ නොතකා ධාවනය කළ යතුරුපැදි කරුවකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය හුදකලා සිදුවීමක් නොවන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා. 

මෙවැනි සිදුවීම්වලට හේතුව නිසි පුහුණුව හා වෘත්තීයභාවය නොමැතිවීම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මෙවැනි සිදුවීම් වරින් වර සිදුවන්නේ මූලික ගැටළු නොවිසඳිමෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නොදුරේදීම විදේශ විශේෂඥ පුහුණුවක් පොලිසිය වෙත ලබා දෙන බව ඔහු සඳහන් කරනවා.