Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රභාකරන් බිහි වෙන්න හේතුව හිටපු ජනපතිනිය කියයි (VIDEO)

වසන්ත පිවිතුරු




 

විවිධ ජාතීන් ජීවත් වන රටක එකිනෙකාගේ  භාෂාවන් හා සංස්කෘතිය හඳුනා ගැනීමට සමත් නොවන තැන විශාල යුද්ධයක් ඇති වීමේ ප්‍රවණතාව බහුල බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව තනි රටක් ඉල්ලා සිටිම සාධාරණ බවයි.

දකුණේ ජනතාවට ලැබී තිබෙන සංවර්ධනය උතුරේ ජනතාවට ද ඒ ආකාරයෙන්ම හිමි විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

එසේ නොවු බැවින් මෙරට ඉතිහාසයට ප්‍රභාකරන් නම් පුද්ගලයා එක්වු බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වාදුන්නා.

කොළඹ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා.