Monday, May 6, 2024

General line - 0115112241

හමුවු පා සලකුණු ගැන පරික්ෂණයක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන් / වසන්ත පිවිතුරු




මස්කෙළිය ශ්‍රී පාද රක්ෂිතයේ ගල් තලාවක් මතින් මතුවු පා සටහන් දෙක සමිබන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තෙමින්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ මහනුවර කාර්යාලයේ ප්‍රකාශකයෙකු www.nethnews.lk වෙත කියා සිටියේ පරික්ෂණ කණ්ඩායමක් අද (23) දින මස්කෙළිය ශ්‍රී පාද රක්ෂිතයට ගොස් ඇති බවයි.
නමුත් මෙය සම්බන්ධයෙන් තමන්ට කඩිනමින් කිසිඳු නිගමනයකට පැමිණිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

සාමාන්‍යයෙන් වසර සියයක් ඉපැරැණි දෑ පුරා වස්තු ලෙස සැළකෙන බවද ඔහු සඳහන් කළා.

හමුවී ඇති මෙම පා සලකුණට අදාළ කාලය තහවුරු කිරිමෙන් පසු පූර්ණ නිගමනයට පැමිණිය හැකි බව ඔහු කියා සඳහන් කළා.

කෙසේ වෙතත් පරික්ෂණ කණ්ඩායමේ නිලධාරිනියක් සඳහන් කළේ මේ පිළිබඳව පුර්ණ නිගමනයකට පැමිණ තමන් වාර්තාවක් ඉදිරිපත් කරන බවයි. 

මස්කෙළිය ගාඩිමෝර් නවෆෝප්මොර් වතුයායේ ගල්තලාවක් මතින් මතුවු විශාල පා සටහන් වලට සමාන පාද සමිබන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තෙමින්තු නිළධාරින් අද (23) එම ස්ථානයට පැමිණ පරික්ෂණ ආරමිභ කරනු ලැබුවා.
 
පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ මහනුවර මධ්‍යම කලාප භාර නිළධාරින් පිරිසකුයි මෙසේ පැමිණ විමර්ෂණ කටයුතු ආරමිභ කර ඇත්තේ.

මෙම පාද සටහන් මුලින්ම දැක තිබු වතුකමිකරුවන්ගෙන් පුරා විද්‍යා නිළධාරින් විසින් ප්‍රකාශ කිහිපයක්ද සටහන් කර ගනු ලැබුවා.