Monday, May 6, 2024

General line - 0115112241

ගෙදරට ආව අමුත්තව අල්ලන් ගස් බැන්ද නිවැසියන් (PHOTOS)

වන්නි රොමේෂ් මධුෂංඛ/දිනසේන රතුගමගේ




වවුනියාව මන්නාරම මාර්ගයේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට අද  (23) අළුයම 4 ට පමණ පැමිණි අඩි හතහමාරක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිවසක මිදුලට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා තිබෙනවා.

කිඹුලා පැමිණි නිවසේ හිමියන් වීසින් අසල්වාසීන්ගේද සහය ඇතිව එම කිඹුලා අල්ලාගෙන ගස් බැඳ දැමු බව සඳහන්.

පසුව උදෑසන මෙම කිඹුලාව නෙළුකුලම් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර අනතුරුව නෙළුකුලම පොලීසිය වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කර එම කිඹුලාව ඔවුන්ට භාරදී ඇති බව  තිබෙනවා.