Tuesday, May 7, 2024

General line - 0115112241

කොළඹ එමින් තිබූ බස් රථයට ගල් ප්‍රහාරයක්

ජූඩ් සමන්ත




කොළඹ බලා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (25) පෙරවරු 6.10 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධියට ආසන්නයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පැවසුවා.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරය එල්ල කර පළා ගිය බවයි බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත්තේ.  

ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස කොටසට අලාභ හානි සිදුවී ඇති නමුත් එහි ගමන් කරමින් සිටි මගීන්ට හානියක් සිදුවී නැහැ.