සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් කලින් යොදාගත් පරිදි ලබන අගහරුවාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් යළිත් පවසනවා.
පසුගියදා වෛද්‍ය සභාව ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් ලබන සදුදා මීගමුව රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් කියාසිටියා.
--------------------------------------
යළිත් වෛද්‍ය වර්ජනයක්
25-01-2018 17:55
එළඹෙන 30 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවා. ඒ අද පැවති මාධ්‍ය හමුවක දීය.
වෛද්‍ය සභාව ඉදිරිපිට දී ඊයේ (24) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය වහාම නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ.