තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (27) පැවැත්වෙනවා. ඒ මිර්පූර් ෂෙරී බංග්ලා ක්රීඩාංගණයේදීයි. 2016 නොවැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කර නැහැ.
වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් සහ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට හෙට පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරයේදී සුවිශේෂී කඩඉමක් පසු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සුරංග ලක්මාල්ට සිය එක්දින කි‍්‍රකට් දිවියේ කඩුලූ සියයේ සීමාව පසුකිරීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලූ 2ක් පමණයි. තිසර පෙරේරාට එක්දින කඩුලූ 150 සීමාව පසු කිරීමට තවත් කඩුල්ලක් අවශ්‍යව තිබෙනවා.