ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක තනතුරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන ලෙස පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට හා වෙනත් පක්ෂයක් දිනවීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත්, එවැනි අයකු පක්ෂයේ අනුශාසක තනතුරේ තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ රජිත් කොඩිතුවක්කු පෙන්වා දෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මහින්ද රාජපක්ෂ මහතා ජී. එල්. පීරිස්ගේ පක්ෂයේ ප්‍රවර්ධනය කරන සන්නාම තානාපති බවට පත්ව ඇති බවද මෙහිදී පැවසුවා.