සපුගස්කන්ද කොට්ටුන්න පාරේ හෙයියන්තුඩුව දේමිත්ත යෝගාශ්‍රමයේ ධාතු මන්දිරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අභියස තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. විහාරාධිපති හිමියන් විසින් ඒ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මියගිය පුද්ගලයාගේ වම් කනෙන් ලේ වහනය වී තිබූ බවද පොලීසිය පවසනවා. අලූයම් කාලයේ ධාතු මන්දිරය අසල පුද්ගලයන් තිදෙනෙකු සිටින බව විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් දැක තිබෙනවා. උන්වහන්සේ ඒ දෙසට ගොස් විපරම් කර බැලීමේදී පුද්ගලයෙකු මියගොස් වැටී සිිටි ඇති ආකාරය දැක ඇති බව උන් වහන්සේ පැවසූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.