වර්තමානයේ ගම සංවර්ධනය කළ හැකි එකම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
බැදුම්කර වංචාව හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ද කළකිරීමට පත්ව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.
මේ අතර කුරුණෑගල පැවති ජන රැළියක් අමතිමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසන්නේ මෙරට ආර්ථිකයට පත්ව ඇති පරිහානිය තේරුම් ගැනීමට ආණ්ඩුවේ නායකයන්ට වසර 3 ක් ගතවූ බව බවය.
බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලැබේ දැයි සැක පවතින බවද නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මෙහිදි ප්‍රකාශ කළා.
බැඳුම්කර වාර්තාව පොහොට්ටුවට පාරා වලල්ලක් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයා, වරදකරුවන් වේනම් ඔවුන්ට කළ යුතු දෑ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතන්නේ 2016 වසරේදී බවයි.
"ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු විවාදයක් දුන්න අගමැති තුමාට මේක හංගන්න ඕනනම් ඇයි ඒ දේවල් කළේ. කෝප් කමිටුවේ සභාපති පත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. අගමැති තුමාගේ කරේ එල්ලන්න හදපු බැඳුම්කර වාර්තාව අද පොහොට්ටුවට පාරාවළල්ලක් වෙලා. " යැයි පවසනවා.