ග්ලයිෆොසෙට් වෙනුවට එම් සී පී ඒ නමැති රසායනිකය හදුන්වාදීම හේතුවෙන් ජපානය ශී‍්‍ර ලංකාවේ තේ ප‍්‍රතික්‍ෂේප කිරීමේ අවදානමක් පවතින බවට පළවන වාර්තා පිළිගත නොහැකි බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
එම් සී පී ඒ රසායනිකය මෙරට තේ වගාව සදහා භාවිත කිරීම හේතුවෙන් එවැනි අවදානමක් ඇති බවට වැඩබලන පලිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා ප‍්‍රකාශ කළ බවට පුවත්පතක් වාර්තා කර තිබුණා.
රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රශ්නයක් මතුව ඇත්තේ මහා පරිමාණ තේ වතු හිමියන් කිහිප දෙනෙකුට පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.