Monday, January 13, 2025

General line - 0115112241

මන්නාරම් ධීවරයින්ට හමුවු අමුත්තා (PHOTOS)

දිනසේන රතුගමගේ




වසර දහයකට පසුව මන්නාරමේ ධීවරයින්ට කිලෝ ග්‍රෑම් 2000 කට වඩා බර (ටොන් 2ක් පමණ) විශාල මඩු වර්ගයේ මත්සයෙකු හමු වී තිබෙනවා.

මෙම මත්සයා හමු වී ඇත්තේ මන්නාරමෙන් ඉන්දියාව දෙසට වූ ගැඹුරු මුහුදේදී වන අතර මෙම මුහුදු කලාපය අන්තර් ජාතික මුහුදු සීමාවට අයත් බැවින් එහි දකුණු ඉන්දියාවේ ධීවරයින්ද මසුන් මරණ බව මන්නාරමේ ධීවරයෝ කියා සිටිනවා.

2008 වර්ෂයේදීද මන්නාරමේ ධීවරයින්ට කිලෝ ගෑම් 1300 ක් පමණ බර මඩු වර්ගයේ මත්සයෙකු හමු වී ඇති අතර ඊට පසුව මඩු වර්ගයේ විශාලම මත්සයෙකු හමු වූ අවස්ථාව මෙය ද වනවා.

පසුගිය වසරේ මන්නාරමේ තාවුල්පාඩු ප්‍රදේශයේදී කිලෝ ග්‍රෑම් 3000 කට වඩා බර මත්සයෙකු හමු වූවත් එම මත්සයා මඩු වර්ගයේ මත්සයෙකු නොවන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියා.