අප්පිල ඇත්තෝ ඉන්නකාලේ පටන් ආදි වාසීන්ගේ ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව ඉදිරිපත් කළ කරුණුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට දේශපාලනඥයන් අසමත්වීම නිසා දැන් දේශාපාලනය අප්‍රිය වී ඇති බව සිය පැල්කොටයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසනවා.
එදා අප්පිල ඇත්තෝ ඇඟිලි සලකුන තබා දේශාපාලනඥයන් වෙත ඉදරිපත් කළ ලේඛන තවමත් ඇති බවත් ඔහු කියා සිටියා.
අස්ගිරිය මල්වත්ත නාහිමිවරු බැහැදැකීමට යනවාසේ ජනාධිපති අගමැති ඇමතිවරු හා ජවිපෙ නායකයන් තමා හමුවීමට මේ දිනවල පැමිණෙන බවත් නාහිමිවරු පිරිත් කියා ආශීර්වාද කළත් තමා ලබාදෙන්නෙ කලුබණ්ඩාර දෙවියන්ගේ ආශිර්වදාය බවත් වන්නියලැ ඇත්තෝ සඳහන් කළා.
මේ එන දේශපාලඥයන්ගේ අරමුණ වන්තනේ මාලවා වරිගේ අයගේ ඡන්දය ලබාගැනිමට වුවත් තමා කිසිම කෙනෙකුට බලපෑම් කිරිමට සූදානම් නැති බවත් කැමති කෙනෙකුට ඡන්දය දෙන්නැයි තමා වරිගේ අය දැනුවත් කර ඇති බවත් ඔහු පැවසුවා.