දැඩි මත භේදවලින් පසු ඉකුත් බදාදා තිර ගත වීම ආරම්භ කළ පද්මාවත් චිත්‍රපටය දින 3ක් තුළ ඉන්දිය රුපියල් කෝටි 56ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 135කට වැඩියි.
ප්‍රකට පුරාවාත්තයක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය මුලින් නම් කර තිබුණේ පද්මාවතී ලෙසයි. ඇතිවූ මත භේද නිසායි එය පද්මාවත් ලෙස නම් කෙරුණේ. දීපිකා පදුකෝන් සහ ශහීඩ් කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
පද්මාවත් චිත්‍රපටය සංජෙයි ලීලා බන්සාලිගේ නිෂ්පාදනයක්.