Monday, January 13, 2025

General line - 0115112241

හෙට දින නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය හැකි බලය ගැන ජනපති කියයි

හේමන්ත කහවලගේ




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූදෙනා තමන් සමග සිටින්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන් හෙට වුවද සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ රත්නපුරයේ අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියකදීයි.

ශ්‍රී ලන්කන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන්හි සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා සෙවීමට පත් කරන ජනාධිපති කොමිසම ලබන සතියේ ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.