Monday, January 13, 2025

General line - 0115112241

ජල සම්පාදන සේවකයන් වර්ජනයකට සූදානම්

ලහිරු කපුගේ




ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් වැඩවර්ජනයක් සඳහා සූදානම් වනවා.

එහි පළමු පියවර ලෙස ලබන 30 වනදා පැය 4ක කාලයක් සේවයෙන් ඉවත් වන බවයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පැවසුවේ.

වසර 3කට වරක් සිය වැටුප වැඩි විය යුතු බවද ඒ අනුව, ඉකුත් ජනවාරි මස පළමුවනදා සිට සිය වැටුප වැඩි වීමට තිබූ බවද ඔවුන් පැවසුවා.

එහෙත් මේ දක්වා එම වැටුප් වැඩිවීම ලබා දි නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. යෝජිත වැඩවර්ජනය කැඳවනු ලබන්නේ ද ඒ අනුව බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර, ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මිට පෙර ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව සහ ප්‍රවාහන දීමනාව යාවත්කාලින කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක දිනා ගැනීම සඳහා මෙම වැඩවර්ජනය කැඳවන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.