හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිවාසිකම් ජීවිතාන්තය දක්වා අහෝසි කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බැඳුම්කර වාර්තාවෙන් චෝදනාවට ලක්වූවන් සම්බන්ධයෙන් පමණක් නොව බරපතල වංචා විමර්ශන වාර්තාවෙන් චෝදනාවට ලක්වූවන් සම්බන්ධයෙන් ද වහා පියඅවරඅ ගත යුතු බව අවධාරණය කරමින්.
බරපතල වංචා විමර්ශන වාර්තා සහ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමට ලබන 8 වනදා පාර්ලිමේන්තුව කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමට තමන් හෝ එක්සත් ජාතික පක්ෂය බිය නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
දෙණියායේ අද (27) පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියකදී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා.