Monday, January 13, 2025

General line - 0115112241

ආණ්ඩුවක් හදන්න ජනපති කළ ආරාධනයට ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිචාර දක්වයි

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයට ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය එම ආරාධනය ප‍්‍රතික්ෂේප කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ඊයේ (27) පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියක දී ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූදෙනා තමන් සමඟ එක්වන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන්  ඕනෑම විටෙක සූදානම් බවයි.

එහෙත් ජනාධිපතිවරයාගේ මෙවැනි ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමක දී ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා. 

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පෙන්වා දෙන්නේ "වසර තුනක් තිස්සේ එතුමා කිව්වේ..මහින්ද රාජපක්ෂගේ හොර කල්ලිය.. මේගොල්ලො එක්ක ආණ්ඩු කරන්න බෑ.. රාජපක්ෂලා එක්ක ආණ්ඩු කරන්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන කියලා ප්‍රසිද්ධියේ කියලා...අද වෙන කොට ජනාධිපතිතුමා මේ ඇවිල්ලා ඉන්න ස්ථාවරය පැහැදිළිව දේශපාලන පරාජයක්. මැතිවරණයක් කිට්ටුවෙනකොට ජනාධිපතිතුමා හැමදාම මේ වගේ නොමගයවන සුඵ ප්‍රකාශ කළා..හැබැයි දැන් අපි ඒ ලණු කන්නේ නෑ.." යනුවෙනි.