Monday, May 6, 2024

General line - 0115112241

ජනපති ශ්‍රී.ල.නි.ප. යට කළ ආරාධනයට එ.ජා.ප. යත් ප්‍රතිචාර දක්වයි

ඩිල්ෂාන් මඩවල




වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂයද ජනාධිපතිවරයා සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඊයේ (27) පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියක දී ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියලූදෙනා තමන් සමඟ එක්වන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන්  ඕනෑම විටෙක සූදානම් බවයි.

ඊට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කරන්නේ "ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ..මොකද බහුතර බලය තියෙන්නේ අපි ගාව..පාර්ලිමේන්තුවේ 113ක් ඔවුන්ට නෑ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ අය දිවා රෑ අපිට කතා කරනවා..එකතු වෙන්න අහලා. අපි එක්සත් ජතික පක්ෂය හැටියට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම. ඊට පස්සේ අපි ජනාධිපතිවරයෙක් බිහි කරලා ඉදිරියට යනවා." යනුවෙනි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙපිලකට බෙදී වෙන වෙනම බලය ඉල්ලා සිටීම ඔවුන්ගේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් බවද එයින් එක්සත් ජාතික පක්ෂයට බලපෑමක් ඇති නොවන බවද කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.