Monday, May 6, 2024

General line - 0115112241

ජනපති තරහින් ඉන්න හේතුව හිටපු ජනපති කියයි

ඩිල්ෂාන් මඩවල




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වනවා.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම ප්‍රකාශ හාස්‍යජනක බවයි.

තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි තමන්ට සැල වූ බවයි ඔහු කියා සිටියේ.

එහෙත් ජනතාව වෙනුවෙන් තමන් කරන අරගලය අත්නොහරින බවද ඔහු පැවසුවා. 

එහිදී වැඩි දුරටත් සඳහන් කළේ "ජනාධිපතිතුමාට දැන් හරිම කේන්තියි..ඉන්නෙම තරහින්..මගේ සෙනඟ දැක්කාම එතුමාට තවත් තරහා යනවා..මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නත් නිර්දේශ කරලා තියෙනවාලු..හැබැයි මේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති වුණත් ජනතා ව්‍යාපාරය අතහරින්නේ නෑ.." යනුවෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ වැල්ලවායේ ඊයේ (27) පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැළියකදීයි.