Monday, May 6, 2024

General line - 0115112241

"මැතිවරණයට කිසිඳු බාධාවක් නෑ - බාධා කරන්නත් එපා"

හේමන්ත කහවලගේ




පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි ලබන 10 වැනිදා පැවැත්වීමට කිසිඳු බාධාකාරී තත්ත්වයක් ඇති නොවනු ඇතැයි මැතිවරණ කොමිසම විශ්වාසය පළ කරනවා.

මෙම මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිසම උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් කටයුතු කරන බවයි එහි සභාපති මහින්ද දේශප‍්‍රිය අවධාරණය කළේ.

ඒ සඳහා සහය ලබාදෙන්නැයි සියලූ දේශපාලන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් සහ වෘත්තීය සමිති ඇතුළු සියලූ සිවිල් සංවිධානවලින් ඉල්ලීමක් ද කෙරුණා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම කරුණු දැක්වීම සිදු කළේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වන කිසියම් බාධාකාරී තත්ත්වයක් ඇතිවුවහොත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇතැයි මීට පෙර පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.