Monday, May 6, 2024

General line - 0115112241

අහිමි කෙරුණු වරප‍්‍රසාදය කඩිනමින් යළි ඉල්ලයි

හර්ෂිකා සංජීවනී




වසර 03ක කාලයක් එකම පාසලක සේවය කර ඇති ස්ථීර අනධ්‍යයන සේවකයින්ට ඔවුන්ගේ දරුවන් එම පාසලටම ඇතුළත් කර ගැනීමට හිමිව තිබූ වරප‍්‍රසාදය මෙවර අහිමි කර ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

ගුරුවරුන් සඳහා පමණක් අසාධාරණ ලෙස මෙම වරප‍්‍රසාදය ලබාදී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පෙන්වා දෙන්නේ මෙම වරප්‍රසාදය 04 වසරට පමණක් ලබාදී ඇති බවයි. 

අහිමි කෙරුණු වරප‍්‍රසාදය කඩිනමින් යළි ලබා නොදුනහොත් ඊට එරෙහිව විරෝධතා ආරම්භ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව මෙම මාසය තුළම උපවාසයක් සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේ.