Monday, May 6, 2024

General line - 0115112241

ඡන්දෙන් පස්සේ වෙනස් කිරීම් දෙකක්

රංජිත් රාජපක්ෂ




පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට සහ හැටන් - දික්ඔය නගර සභාවට උසස්වීම් ලබාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා.

ඒ අනුව මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව නගර සභාවක් බවටත්, හැටන් - දික්ඔය නගර සභාව මහ නගර සභාවක් බවටත් උසස් කරන බවයි ඔහු පැවසුවේ.

ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් කුකුළා ලාංඡනය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් ඊයේ (27) පැවති ජන රැළියක දී මෙම අදහස් පළ කෙරුණා. අදාළ පළාත් පාලන ආයතනවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද සහය ලබාදෙන්නේ ලංකා කම්කරු කොංග‍්‍රසයටයි.