අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන අදියර අද (28) පැවැත්වෙනවා.
ඊයේ (27) පැවති පළමු අදියරේ දී, මෙම තරගාවලිය ආරම්භයේ සිටම ඉහළ මිලක් නියම වූ ක්‍රිස් ගේල් සහ ලසිත් මාලිංග කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් අද පැවැත්වෙන දෙවන අදියරේ දී කිසියම් කණ්ඩායමක් විසින් ඔවුන් මිලදී ගනු ඇතැයි ඒ පිළිබඳ අදහස් පළ කළ ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කර තිබෙනවා.
අයි. පී. එල්. වෙන්දේසිය සඳහා මෙවර ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් ගණන 578 දෙනෙක්. ඊයේ පැවති පළමු අදියරේ දී ඔවුන්ගෙන් වැඩිම මිලක් නියම වූයේ බෙන් ස්ටොක්, මනීෂ් පාණ්ඩේ, ලෝකේෂ් රාහුල්, ක්‍රිස් ලේන්, මිචෙල් ස්ටක්, ග්ලේන් මැක්ස්වෙල්, රවිචන්ද්‍රන් අශ්වින් සහ ඞ්වේන් බ්රාවෝ යන ක්‍රීඩකයින්ටයි.