Monday, May 6, 2024

General line - 0115112241

සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ ධර්මසේන පතිරාජයන් නික්ම යයි




සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ ධර්මසේන පතිරාජ මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගී වී සිටි ඒ මහතා මහනුවර පිහිටි සිය නිවසේ දී අභාවප‍්‍රාප්ත වූ බවයි ඥාතීන් පවසන්නේ. 

1943 වසරේ මාර්තු මස 28 වැනිදා උපත ලද ධර්මසේන පතිරාජ මහතා 1974 වසරේදී අහස් ගව්ව චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් සිනමාවට පිවිසියා. 

ශ‍්‍රී ලංකාවේ පළමු දෙමළ චිත‍්‍රපටය වූ ‘‘පොන්මනී’’ අධ්‍යක්‍ෂණය කළේ ද ඔහු විසින්. බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, පාරදිගේ සහ සක්කාරං ඔහුගේ තවත් චිත‍්‍රපට කිහිපයක්.

ඇල්ල ළඟ වලව්ව සහ මායා වැනි ටෙලිනාට්‍ය කිහිපයක් ද ඔහු විසින් අධ්‍යක්‍ෂණය කෙරුණා. චිත‍්‍රපට පිළිබඳ ආචාර්ය උපාධියක් ලද ශ‍්‍රී ලංකාවේ පළමු වැන්නා ද ධර්මසේන පතිරාජ මහතායි.