Monday, January 13, 2025

General line - 0115112241

මහින්ද අගමැතිගෙන් ඉල්ලන දේ

ඩිල්ෂාන් මඩවල




බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන මස 07 වැනිදාට පෙර සිදු කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ලබන මස 08 වැනිදා එම විවාදය සිදු කරන බවට අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (27) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. 

"ඇයි 08 වැනිදා දාන්නේ..මොකද 07 වැනිදා ප්‍රචාරක කටයුතු ඉවරයි. 08 වැනිදා කතා කරාම 10 වැනිදා වෙනකොටත් ජනතාව දන්නේ නෑ..මොනාද වුණේ කියලා. මේ කරන්න යන්නේ තාමත් ජනතාවගෙන් මේවා හංගන්න.. " යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.