Monday, May 6, 2024

General line - 0115112241

මෝදර මාදම්පිටිය මාර්ගයේ ගමනාගමන කටයුතු පෙබරවාරි 09වනදා තෙක් සීමා කෙරේ




මෝදර මාදම්පිටිය මාර්ගයේ ගමනාගමන කටයුතු පෙබරවාරි 9 වනදා දක්වා සීමාකර තිබෙනවා.

මාර්ගයේ ගිලා බැස ඇති ස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීම ඊට හේතුවයි. සති දෙකක කාලයකට වාහන ගමනාගමනය සීමා කරන ලෙස කොළඹ මහ නගර සභාව කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මුතුවැල්ල මාවත කණුව හංදියේ සිට අළුත් මාවත පොලිස් හංදිය දක්වා වූ මාර්ගයේ මෙලෙස වාහන ගමනාගමනය සීමා කරනු ඇති. හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.