Tuesday, May 7, 2024

General line - 0115112241

මාලිංග හැලේ - අකිල හා දුෂ්මන්තට අයි පී එල් දොර ඇරේ (PHOTOS)

කසුන් කැලුම්




ඉන්දීය ප‍්‍රීමියර් ලීග් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියා වන ශි‍්‍ර ලංකාවේ ලසිත් මාලිංගට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට අද (28) සිදුවුණා.

ඒ කිසිඳු කණ්ඩායමක් මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීමයි.

අයි පී එල් කඩුළු 154කට හිමිකම් කියන ලසිත් මාලිංග මේ දක්වා නියෝජනය කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ ද පන්දු යවන කි‍්‍රඩක අකිල ධනංජය ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වීමද විශේෂත්වයක්.

එම කණ්ඩායමේ මෙවරද පුහුණුකරුවා වන්නේ මහේල ජයවර්ධනයි. ශී‍්‍ර ලංකා වේගපන්දු යවන කී‍්‍රඩක දුෂ්මන්ත චමීර ද ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද (28) මිලදී ගත්තා.

කී‍්‍රඩක වෙන්දේසිය සිදුවූ දෙවන දිනය වූ අද වාර්තා වූ විශේෂ සිදුවීමක් වූයේ ඉන්දීය වේගපන්දු යවන කි‍්‍රඩක ජේදව් උනඞ්කට් ඉන්දීය රුපියල් ලක්ෂ 1,150කට අලෙවි වීමයි.

ඉන්දීය කි‍්‍රඩකයකුට හිමිවූ ඉහළම මිලද එයයි. මීට අමතරව අයි පී එල් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හා ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටින කි‍්‍රස් ගේල්ද මෙවර වෙන්දේසියේදී වට දෙකකදී ප‍්‍රතික්ෂේප වීමෙන් පසු අවසන් මොහොතේ කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි දෙකකට අද (28) මිලදී ගත්තා.

මෙවර ක්‍රීඩකයින් 169 දෙනෙකු වෙන්දේසි වූ අතර ඉන් 56ක් විදෙස් ක්‍රීඩකයින්.

ඔවුන් මිලදී ගැනීම සඳහා කණ්ඩායම් අටක් වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 431 ක්.

මෙවර වැඩිම මිලක් හිමිවූ ක්‍රීඩකයා බවට පත්වූයේ එංගලන්තයේ ඛෙන් ස්ටොක්. ඔහුට හිමිවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 12.5ක්. ඉතිහාසයේ පළමු වරට 17 හැවිරිදි නේපාල ක්‍රීඩකයෙකුද ඉන්දීය රුපියල් ලක්ෂ 20කට මෙහිදී අලෙවි වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙකුද ඉන්දීය රුපියල් කෝටියේ සිට කෝටි 9ක් දක්වා මුදලකට අලෙවි වීමද කැපී පෙනුණා. මෙම තරගාවලිය අප්‍රේල් මස 07වනදා ආරම්භ වනවා.