Tuesday, May 7, 2024

General line - 0115112241

දරු දැරියන් වෙනුවෙන් කැපවූ අධ්‍යාපනයක් ගැන ඇමති පාඨලී කතා කරයි




වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය  තුළ තැබූ ගසා කෑම් සියල්ල නවතා දරු දැරියන් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමත්ව ඇති බව අමාත්‍ය පාඨලී චම්පක රණවක පවසනවා.

මහරගම ජන රැළිය අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිරියේදී ටැබ් පරිගණක ලබාදීමෙන් නව යුගයක් ඇති වන බවයි.

පසුගිය රජය සමයේ හිටපු ජනපතිවරයාගේ නම නොතිබ්බ හොත් පාසැල් සඳහා ප්‍රථිපාදන නොදෙන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන තමන්ට සඳහන් කළ බවද අමාත්‍ය පාඨලී චම්පක රණවක  එහිදී අනාවරණය කළා.