Monday, May 6, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සභාපති කළ කාරුණික ඉල්ලීම (AUDIO)

ලහිරු කපුගේ




මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සියළු වෘත්තිකයිනගෙන් හා වෘත්තීය සමිතිවලින් අද (28) විශේෂ ඉල්ලීමක් සිදු කළා.

ඒ අවම වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා මැතිවරණයට බාධාවක් වන කිසිඳු කටයුත්තක නිරත වීමෙන් වළකින ලෙසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ඉල්ලිම සිදු කළේ අද (28) පස්වරුවේ මාධ්‍ය අමතමින්.

ඡන්ද විමසීමේ අවසන් අදියරට පැමිණ ඇති මේ මොහොතේ දී එය පැවැත්වීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම ඡන්දය පෙබරවාරි 10 දින අනිවාර්යෙන්ම පවත්වන බවත්, ආපදා තත්ත්වයකදී පමණක් එය කල් යා හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

එමෙන්ම ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මධ්‍ය හමුවේ දී මැතිවරණ කොමසාරිස්වරයා දැක්වූ අදහස් පහතින් අහන්න.